දිශා දෝෂ හේතුවෙන් දියුණුව අඩාලව පරිහානිගත නිවාස සඳහා ගෘහලක්ෂ්මි දැහැනෙන් බල ගැන්වූ නවරත්න මණ්ඩලයක් තැන්පත් කිරීම





දිශා දෝෂ හේතුවෙන්  දියුණුව   අඩාලව පරිහානිගත නිවාස  සඳහා ගෘහලක්ෂ්මි දැහැනෙන් බල ගැන්වූ නවරත්න මණ්ඩලයක් තැන්පත් කිරීම


1-    ඊසාන  - පච්ච ගල  
2-    උතුර  - පුෂ්පරාගය
3     වයඹ  - වෛරොඩිය
4     බස්නාහිර  - කාකනිල
5     නිරිත  - ගොමේදය
6     දකුණ  - කොරල් ගල
7     ගිනිකොන  - මුතු
8     නැගෙනහිර -  දියමන්තිය
9     මද්‍ය ලක්ෂය  - පද්මරාගය  




හිමියාගේ ජන්ම නැකතට  සීහෙන පරිදි සලකුණු කරදුන් ස්ථානවල  අඟල් 3/8  ක පමණ විෂ්කම්භය හා අඟල් 2 පමණ ගැඹුරින් යුතු සිදුරු සාදා   පුර පක්ෂයේ කෙම්මුර දිනක  (සෙනසුරාදා , බදාදා ) කහදිය ඉස පිරිසිදු කරගත් නිවස සාම්බ්‍රානි , කපුරු හා හඳුන්කුරු  දල්වා  හොඳින් සුවඳවත් කර උදේ 5-30 හා 6 අතර ( පෙරයම ) තෙරුවන් පුදා ඉෂ්ඨ දෙවියන් සිහිකර  මෙම චක්‍රයේ පරිදි නිවැරදිව පිරිසුදු කපුපුළුන් වලින් දවටා ගත  පලිදු රහිත පිරිසිදු  නවරත්න මණ්ඩලය  පිරිත්පැන් ඉස සකසාගත් බිත්ති සිදුරු වලට
“ ඔම් නමෝ මා වාස්තු ගෘහලක්ෂ්මී වරම් වරම් නමඃ” යන මන්ත්‍රය  එක සිදුරකට 7 වරක් බැගින් මතුරා මෙම චක්‍රයේ දැක්වෙන  1 2 3 යන අනුපිළිවෙලින් තැන්පත් කර දෙවියන්ට පින් අනුමෝදන් කර ඉදිකිරීම් අඩාලවී පවත්නා ගොඩනැගිල්ලේ  වැඩ ආරම්භ කර කඩිනමින් වැඩ කරගෙනයාමට වරම් ඉල්ලා සිටින්න



“ ඔම් නමෝ මා වාස්තු ගෘහලක්ෂ්මී වරම් වරම් නමඃ”

Comments

Popular posts from this blog

අප පීඩා විඳින බොහොමයක් රෝග වලට වාස්තු දෝෂත් හේතුවක්

සල්ලාල ස්වාමියා ජන්මපතින් හඳුනාගන්න

වාස්තු ගැටළු සඳහා නිවැරදි විසඳුම් සරල වාස්තු කෙම් ක්‍රම සමගින්