සල්ලාල ස්වාමියා ජන්මපතින් හඳුනාගන්න




සල්ලාල ස්වාමියා ජන්මපතින් හඳුනාගන්න

වර්තමාන සමාජයේ බොහෝ අපරාධ වලට  කාමය මුල්ව ඇතිබව පෙනීයයි , නීතියටද සමාජ සම්මතයට හා  සාරධර්ම වලටද පටහැනිව අනිසි කම් සැප සොයායන පුරුෂයන් හේතුවෙන් දරුපවුල් වැනසී යාම දිනෙන් දින උග්‍ර වනබව නොරහසකි.

මෙලෙස කාම සුඛල්ලිකානුයෝගී බව පරමාර්ථය කොටගත් පුරුෂයා ජන්මපතින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි අතර ජ්‍යෝතිෂයේදී එම පිහිටීම බහු ස්ත්‍රී යෝගය  ලෙස හඳුන්වයි. මෙම යෝගය පිහිටි පුරුෂයා සමාජය කොතරම් අප්‍රිය කලද ඔහු වෙත පැමිණන නින්දා අපහාස සියල්ලම ඔහුගේ කාම ගින්න හමුවේ සුළුකොට තකමින් කාම තෘප්තිය වෙනුවෙන් වෙහෙසේ . යම් පුරුෂයකුගේ ජන්මපතක ලග්නාධිපතියා හා හත අධිපතියා එකට සංයෝගව හෝ එකිනෙකා දෘෂ්ටියෙන් සම්බන්ධ වූ විට බහු ස්ත්‍රී යෝගය සක්‍රීය වේ .

මෙම යෝගය සක්‍රීය වූ උපතක්  හිමි පුරුෂයා එක කාන්තාවකගෙන් පමණක් තෘප්තියට පත්නොවීම බහු ස්ත්‍රී යෝගයේ මුලික විපාකය වේ  .


 
බු කු
 
ච ගු
 
රා ශු
 
 
මිථුන ලග්නය 
 
කේ
 
සැප්තැම්බර් මස 8 වැනි දිනක රාත්‍රී 1-10ට සියාවස නැකතේ  දෙවන පාදයෙන් උපන් මෙම ජන්මියාගේ ලග්නාධිපති බුධ ය . හත අදිපතියා ගුරුය මෙම දෙදෙනා තුන් වැන්නේ සහ නම වැන්නේ කේන්ද්‍ර ගතව සප්තම දෘෂ්ඨියෙන් බහු ස්ත්‍රී යෝගය සක්‍රීයව  පිහිටා සිටි කුජගේ දෘෂ්ටියද චන්ද්‍රයා තවත් බලවත් කරමින් චන්ද්‍ර මංගල යෝගය  උදාකරයි. මෙයද රාගික හැගීම් ඉස්මතු කරන දුර දිග නොබලා කටයුතු කරවන බුද්ධිය යටපත් කරමින් හැගීම් ඉස්මතු කරවන පිහිටීමකි .

එසේම පස් වන්නේ රාහු හා සිකුරුගේ සංයෝගයෙන් ද  ජන්මියා හිතුවක්කාරයකු  කරයි. නම වන්නේ ගුරු චන්ද්‍ර සංයෝගය ගජකෙශරී යෝගය වුවද , මෙම අනෙකුත් පිහිටීම් වල බලපෑමෙන්  එයද ජන්මියාගේ අයහපත ඉස්මතුකර කලහකාරී මෙල්ලකල නොහැකි තත්වයට පත්කරවන්නකි.


මෙම බහු ස්ත්‍රී යෝගය  පිහිටීම පුරුෂයකුගේ ජන්මපතක වේ නම් ඔහු ස්ත්‍රී සොඩෙකු වන අතර මෙවන් ජන්මියෙකු කොතරම් උසස් තත්වයෙන් විසුවද මෙකී යෝගය හේතුවන් ම ඔහු පරිහානියට පත්වේ . හොද නරක නොතේරෙන සමාජ සම්මතයට හා  සාරධර්ම නොතකන භයානක අවසානයක් ලගාකරවන බහු ස්ත්‍රී යෝගය බලපවත්නා ජන්මියකුගේ පතිනිය කොතරම් යස ඉසුරු ලැබූවත් ජීවිතය කඳුලින් ගතකිරීමට සිදුවනු නො අනුමානයි.   
  
                                    

ප්‍රවීන ජ්‍යෝතිෂ උපදේශක
වාස්තුවෙදී චම්පික ගමගේ
ආසිරි වාස්තු
බත්තරමුල්ල
071 7773500 / 0777 540644   

Comments

Popular posts from this blog

අප පීඩා විඳින බොහොමයක් රෝග වලට වාස්තු දෝෂත් හේතුවක්

වාස්තු ගැටළු සඳහා නිවැරදි විසඳුම් සරල වාස්තු කෙම් ක්‍රම සමගින්