Posts

සල්ලාල ස්වාමියා ජන්මපතින් හඳුනාගන්න

Image
සල්ලාල ස්වාමියා ජන්මපතින් හඳුනාගන්න වර්තමාන සමාජයේ බොහෝ අපරාධ වලට   කාමය මුල්ව ඇතිබව පෙනීයයි , නීතියටද සමාජ සම්මතයට හා   සාරධර්ම වලටද පටහැනිව අනිසි කම් සැප සොයායන පුරුෂයන් හේතුවෙන් දරුපවුල් වැනසී යාම දිනෙන් දින උග්‍ර වනබව නොරහසකි. මෙලෙස කාම සුඛල්ලිකානුයෝගී බව පරමාර්ථය කොටගත් පුරුෂයා ජන්මපතින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි අතර ජ්‍යෝතිෂයේදී එම පිහිටීම “ බහු ස්ත්‍රී යෝගය ”   ලෙස හඳුන්වයි. මෙම යෝගය පිහිටි පුරුෂයා සමාජය කොතරම් අප්‍රිය කලද ඔහු වෙත පැමිණන නින්දා අපහාස සියල්ලම ඔහුගේ කාම ගින්න හමුවේ සුළුකොට තකමින් කාම තෘප්තිය වෙනුවෙන් වෙහෙසේ . යම් පුරුෂයකුගේ ජන්මපතක ලග්නාධිපතියා හා හත අධිපතියා එකට සංයෝගව හෝ එකිනෙකා දෘෂ්ටියෙන් සම්බන්ධ වූ විට බහු ස්ත්‍රී යෝගය සක්‍රීය වේ . මෙම යෝගය සක්‍රීය වූ උපතක්   හිමි පුරුෂයා එක කාන්තාවකගෙන් පමණක් තෘප්තියට පත්නොවීම බහු ස්ත්‍රී යෝගයේ මුලික විපාකය වේ   .   ර බු කු   ච ගු   රා ශු  

දිශා දෝෂ හේතුවෙන් දියුණුව අඩාලව පරිහානිගත නිවාස සඳහා ගෘහලක්ෂ්මි දැහැනෙන් බල ගැන්වූ නවරත්න මණ්ඩලයක් තැන්පත් කිරීම

Image
දිශා දෝෂ හේතුවෙන්   දියුණුව     අඩාලව පරිහානිගත නිවාස   සඳහා ගෘහලක්ෂ්මි දැහැනෙන් බල ගැන්වූ නවරත්න මණ්ඩලයක් තැන්පත් කිරීම 1-     ඊසාන   - පච්ච ගල   2-     උතුර   - පුෂ්පරාගය 3      වයඹ   - වෛරොඩිය 4      බස්නාහිර   - කාකනිල 5      නිරිත   - ගොමේදය 6      දකුණ   - කොරල් ගල 7      ගිනිකොන   - මුතු 8      නැගෙනහිර -   දියමන්තිය 9      මද්‍ය ලක්ෂය   - පද්මරාගය   හිමියාගේ ජන්ම නැකතට   සීහෙන පරිදි සලකුණු කරදුන් ස්ථානවල   අඟල් 3/8   ක පමණ විෂ්කම්භය හා අඟල් 2 පමණ ගැඹුරින් යුතු සිදුරු සාදා    පුර පක්ෂයේ කෙම්මුර දිනක   (සෙනසුරාදා , බදාදා ) කහදිය ඉස පිරිසිදු කරගත් නිවස සාම්බ්‍රානි , කපුරු හා හඳුන්කුරු   දල්වා   හොඳින් සුවඳවත් කර උදේ 5-30 හා 6 අතර ( පෙරයම ) තෙරුවන් පුදා ඉෂ්ඨ දෙවියන් සිහිකර   මෙම චක්‍රයේ පරිදි නිවැරදිව පිරිසුදු කපුපුළුන් වලින් දවටා ගත   පලිදු රහිත පිරිසිදු   නවරත්න මණ්ඩලය   පිරිත්පැන් ඉස සකසාගත් බිත්ති සිදුරු වලට “ ඔම් නමෝ මා වාස්තු ගෘහලක්ෂ්මී වරම් වරම් නමඃ” යන මන්ත්‍රය   එක සිදුරකට 7 වරක් බැගින් මතුරා මෙම චක්‍රයේ දැක්වෙන   1 2 3 යන අනුපිළ
Image

අප පීඩා විඳින බොහොමයක් රෝග වලට වාස්තු දෝෂත් හේතුවක්

Image
අප පීඩාවිඳින බොහොමයක් රෝගවලට වාස්තුදෝෂත් හේතුවක් දියවැඩියාව , අධික රුධිරපීඩනය , පිළිකා හා සන්ධිගත ආබාධ   ආදි බෝ නොවන රෝග අද සමාජයේ බොහෝ සුලබ රෝග වන අතර මේවාට ගොදුරුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ නගිනු දක්නට පුළුවන . කාර්ය බහුලත්වය හේතුවෙන් ව්‍යායාම   අඩුවීම, අහිතකර ආහාර හා අවිධිමත් ආහාර රටා මේ සඳහා හේතුවන අතර   සියලු ජීවීන්ගේ නිසි පැවැත්මට අත්‍යවශ්‍ය වන්නා වූ සුර්ය ශක්තිය ,ජල ශක්තිය ,චුම්බක ශක්තිය හා වායු ශක්තිය කැටි කරගත් විශ්ව ශක්තිය තුලනය නොවූ නිවසක ජීවත්වත්වීමෙන්   ඇතිවන මානසික පීඩනයද   බෝ නොවන රෝග සඳහා සෘජුවම බලපායි. මෙහිදී එම නිවසේ   ජීවත් වන්නන්ගේ උත්පත්ති ග්‍රහචාරයේ බලගතුබව හෝ දුබල බව මෙන්ම    ගත කරන මහදශා අතුරු දශා ආදිය මත එක් එක් පුද්ගලයා මෙවන් රෝගාබාධ වලට ලක්වීම, එම රෝගාබාධ උත්සන්නවීම යටපත්වීම ආදිය සිදුවේ. පුරාණ සෘෂිවරුන් නිවැරදි වාස්තු ගැලපීම මගින් විශ්ව ශක්තිය තුලනය වූ දෝෂ රහිත නිවාස ඉදි කිරීම මගින් මෙවන් රෝගාබාධ සඳහා පිළියම් සලසාගත් අතර වර්තමානයේ     නිවාස ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක සංකල්ප බැහැර කිරීම , ඒවා අනුගමනය කිරීමේදී ඇතිවන ප්‍රයෝගික ගැටළු හා , නොදැනු