අප පීඩා විඳින බොහොමයක් රෝග වලට වාස්තු දෝෂත් හේතුවක්
අප පීඩාවිඳින බොහොමයක් රෝගවලට
වාස්තුදෝෂත් හේතුවක්
දියවැඩියාව , අධික රුධිරපීඩනය , පිළිකා හා සන්ධිගත ආබාධ ආදි බෝ නොවන රෝග අද සමාජයේ බොහෝ සුලබ රෝග වන අතර
මේවාට ගොදුරුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ නගිනු දක්නට පුළුවන . කාර්ය බහුලත්වය
හේතුවෙන් ව්‍යායාම අඩුවීම, අහිතකර ආහාර හා
අවිධිමත් ආහාර රටා මේ සඳහා හේතුවන අතර සියලු ජීවීන්ගේ නිසි පැවැත්මට අත්‍යවශ්‍ය වන්නා
වූ සුර්ය ශක්තිය ,ජල ශක්තිය ,චුම්බක ශක්තිය හා වායු ශක්තිය කැටි කරගත් විශ්ව
ශක්තිය තුලනය නොවූ නිවසක ජීවත්වත්වීමෙන් ඇතිවන මානසික පීඩනයද බෝ නොවන රෝග සඳහා සෘජුවම බලපායි. මෙහිදී එම
නිවසේ ජීවත් වන්නන්ගේ උත්පත්ති ග්‍රහචාරයේ
බලගතුබව හෝ දුබල බව මෙන්ම ගත කරන මහදශා
අතුරු දශා ආදිය මත එක් එක් පුද්ගලයා මෙවන් රෝගාබාධ වලට ලක්වීම, එම රෝගාබාධ
උත්සන්නවීම යටපත්වීම ආදිය සිදුවේ.
පුරාණ සෘෂිවරුන් නිවැරදි වාස්තු ගැලපීම මගින් විශ්ව ශක්තිය තුලනය වූ දෝෂ
රහිත නිවාස ඉදි කිරීම මගින් මෙවන් රෝගාබාධ සඳහා පිළියම් සලසාගත් අතර වර්තමානයේ නිවාස
ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක සංකල්ප බැහැර කිරීම , ඒවා අනුගමනය කිරීමේදී ඇතිවන ප්‍රයෝගික
ගැටළු හා , නොදැනුවත්කම යන හේතු නිසා වාස්තු විද්යනුකුල නිවාස ඉදිකිරිම කෙරෙහි
බොහෝදෙනා අවධානය යොමු නොකරති.
විශ්ව ශක්තිය නිසිපරිදි තුලනය වූ නිවසක් හෙවත් වාස්තු විද්‍යානුකුලව ඉදිකරනුලැබූ දෝෂ රහිත
නිවසක් නිවැසියන්ට දිර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. එහෙයින් වාස්තු විද්යානුකුල
නිවෙසක් ඉදි කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පහතින් විග්රහ කෙරේ.
ඉඩම බෙදා ගැනීම
වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකළ පැරැන්නෝ තම ඉඩම නිසි පරිදි බෙදීමකට ලක්
කළහ. ප්‍රේත , මනුෂ්‍ය , දේව , බ්‍රහ්ම ලෙස බෙදා වෙන් කරගත් ඉඩමේ සියලු ශක්ති ප්රභවයන්ට කෙන්ද්‍ර වන පරිදි තම
නිවාස ස්ථානගත කරගත් බැවින් එම ශක්තින් මැනවින් හසුරවාගැනීමේ හැකියාව ඔවුනට ලැබිණි
, නුතන ඉදිකිරීම් වලදී, ශක්තින් මැනවින් ලැබෙන සේ විවෘතව තැබියයුතු දිශාවන්ට අන්ධ බිත්ති ආදිය
යෙදීම වැනි කරුණු නිසා නිවසේ ජීවත්වන්නවුන්ගේ හිසේ ආබාධ , අක්ෂි ආබාධ , ශ්වසන හා
චර්ම රෝගතත්ව පවා හටගැනීමට හැකියාව පවතී .
වහලය

Add caption |

මුළුතැන්ගෙය ,

නිවසේ ළිඳ
නිවැරදිව දෝෂ රහිතව ළිඳ පිහිටි
නිවසට සෟභාග්‍ය හා නිරෝගී සුවය අපේක්ෂා කළ හැකිවන්නා සේම දෝෂ සහිතව ළිඳ පිහිටි
නිවසට සියලු විපත් පැමිණෙන බව පුරාණ කූප ශාස්ත්රයේ දැක්වේ , ළිඳ පිහිටවිය යුතු
නිවැරදි දිශාව ලෙස ඊසාන හා නිරිත සඳහන් කරන අතර පුරාණ වාස්තු ග්‍රන්ථවල සඳහන් පරිදි

පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ
සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ
ළිඳක් කැණිමේදී නිවසේ සිට තිබිය යුතු දුර, මෙලෙස
සඳහන් වේ
සිවුදිග රියන් ළිද බී ඇති අය නසිනු
පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු
තේ සාලිස් හතලිස් අට හිමි නසිනු
සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු
සත දහ තුන පස ළොස් මේ රියන් ගනු
සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු
තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු
මෙකී රි යන් මැන ගෙට දිග ළිඳ ක පනු
පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු
තේ සාලිස් හතලිස් අට හිමි නසිනු
සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු
සත දහ තුන පස ළොස් මේ රියන් ගනු
සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු
තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු
මෙකී රි යන් මැන ගෙට දිග ළිඳ ක පනු
නල මගින් සපයන ජලය ලබාගනා නිවෙස් අවලට පවා එම ජලනළ
එලීමේදී නිවැරදි දිශාවෙන් භූමියට ප්‍රවේශ කරගැනීමට වග බලාගත යුතු වන්නේ මේ
හේතුව නිසයි . තවද නිවසේ යටලී වලට හෝ බිත්ති මුළු හසුනොවන පරිදි ළිඳ කැණිම සිදු වියයුතු
අතර , මේවා අනුගමනය නොකිරීමෙන් හටගන්නා කූප දෝෂය ස්නායුගත ආබාධ , ලේ ධාතුව කෝපවීම නිසා හටගන්නා
රෝග, උදරාශ්‍රිත දරුණු රෝග වලට මෙන්ම වකුගඩු හා බහිශ්‍රාවිය පද්ධතිය ආශ්රිත රෝග රැසකට හේතුවෙයි .නුතනයේ පහසුව තකා බොහෝ
නිවෙස්වල එකිනෙකට හාත්පස වෙනස් ශක්තීන් දෙකක් එකම ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන පරිදි
මුළුතැන්ගෙයි චිමිනිය මත ජල ටැංකිය පිහිටුවා ඇති අතර ඊට යටින් ලිප මෙලවීම සිදුවේ. එය
බෙහෙවින් අසුබ පල ගෙනදෙන අතර බොහෝ තැන්වල
දැකියහැකි සුලබ දෝෂයකි . මෙකී දෝෂය දරුණු රෝගාබාධ රැසකට සෘජුව හේතුවේ. මේ අයුරින්ම
වැසිකිලිය ,කුණුවලවල්, බලු කූඩු ගව ගාල් සහ තාවකාලික මඩු ආදිය නුසුදුසු දිශාවන්හි පිහිටුවීමෙන්
බොහෝ වාස්තු දෝෂ හටගන්නා අතර ඒ හේතුවෙන් එම ගෘහයේ වාසය කරන්නන්ට නොයෙකුත්
ශාරීරික ආබාධ සහ රෝගී තත්වයන් හටගනී.

වැරදි මත

වාස්තු දෝෂ හේතුවෙන් ඇතිවන කරදර ,
රෝගී තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය නිසා පීඩා විඳින බොහෝ දෙනා නොදැනුවත්කම හා වැරදි
අවබෝධය හේතුවෙන් මින් ගැලවීමට උත්සාහ නොදරති . එහෙත් කුමන හේතුවකින් හෝ ඔවුන් එම
බාධකය ජයගතහොත් මුහුණ පා සිටි කරදර , රෝගී
තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය සමනය වී එතැන් සිට ඔවුනට වාසනාව හා සෞභාග්‍ය
කරා ගමන් කිරීමට මග විවරවනු නිසැකයි. එහෙත් වාස්තු දෝෂ හේතුවෙන් රෝගීවුවෙකුගේ
ජීවිතය බේරාගැනීමට නම් අප්‍රමාදව කළයුත්තේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර රෝගියා
පදිංචි නිවසේ පවත්නා වාස්තු දෝෂ නිවැරදි කරගැනීමයි.
එසේ කල යුත්තේ නිරෝගී සැප යනු මෙලොව ඇති උතුම්ම සැපත බැවිනි .

ජ්‍යෝතිෂ උපදේශක වාස්තුවෙදී චම්පික ගමගේ
“ආසිරි
වාස්තු”
බත්තරමුල්ල
071 7773500
Comments
Post a Comment